Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
21st August 2016 16:46:24 Hours
අද්විතීය ත්‍රෛපාක්ෂික සංකලනයක් මගින් අවතැන් වූ සිවිල් ජනතාව වෙනුවෙන් ඉදිවන නව නිවාස සියයේ ව්‍යාපෘතිය
අභ්‍යන්තර අවතැන් වුවන් යලි ස්ථාපිත කිරීම සදහා ආරක්ෂක සේනා ආඥාපති (යාපනය) මූලිකත්වය මගින් මේ වන විට සුභසාධන මධ්‍යස්ථාන 31 ක සැනසිල්ලේ අරුණළු බලාපොරොත්තුවෙන් දෑස දල්වාගෙන ජීවත්වන අවතැන් වූ පවුල් 971 ක් නැවත පදිංචි කිරීම සඳහා කීරමලෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව නිවාස සියයේ ව්‍යාපෘතිය වෙනුවෙන් අද්විතීය ත්‍රෛපාක්ෂික සංකලනයක එකතුවක් ලෙස යුද හමුදා සාමාජිකයින්, පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් සහ ව්‍යාපෘති ප්‍රතිලාභීන් මේ වන විට දිවා රාත්‍රි වෙහෙසෙමින් මහත් පරිශ්‍රමයකින් කටයුතු කරයි. මේ අති දැවැන්ත කීරිමලේ නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ගරු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ ආශිර්වාදයන් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මඟපෙන්වීම යටතේ සිදුවන අතර එහි පළමු පියවර වඞයෙන් ඉදිවන මුල් නිවාස 100 එළඹෙන ඔක්තෝබර් මෝසම් වර්ෂාව ආරම්භ වීමට ප්‍රථම නිමකිරීම සඳහා ඒකාබද්ධ වෘත්තීය කළමණාකරන කණ්ඩායමක් යටතේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය මුලික අදියර 05 ක් යටතේ කිරිමලේ ප්‍රදේශයේ තෝරාගත් ඉඩම් අක්කර 47 ක දී ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ සහ හින්දු කටයුතු අමාත්‍යාංශය මගින් යාපනය දිස්ත්‍රික්කය භාර දිස්ත්‍රික් ලේකම් හරහා යෙදවීමට එකඟ වී ඇති අතර එම සියළු වැඩකටයුතුවල පූර්ණ අධික්ෂණය සහ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කරනු ලැබේ. මේ දක්වා (19) මෙම ව්‍යාපෘතිය වැඩ කණ්ඩායම්වල අප්‍රතිහත කැපවීම සහ දිවා රාත්‍රී නොනවත්වා වැඩ කිරීමේ ප්‍රතිඵලය මත රුපියල් ලක්ෂ 09 ක් පමණ වටිනා සෑම නිවාසයකම ඉදිකිරිම් වලින් 50% පමණ වැඩ අවසන් වී ඇති අතර මේ සදහා වෙන් වෙන් වශයෙන් වූ යුද හමුදා සාමාජිකයින් 10 ක්, එක් ව්‍යාපෘති ප්‍රතිලාභියෙකු සහ එක් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටිටිඊ සාමාජිකයෙක් යොදවා ඇති අතර පුනරුත්ථාපනය වූ හිටපු එල්ටිටිඊ සාමාජිකයින් සදහා දෛනිකව රුපියල් 1000 ක දීමනාවක් ද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපනය නැවත පදිංචි කිරිමේ සහ හින්දු කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදීමට කටයුතු කර ඇත. මෙම නවතම සිවිල් - හමුදා ඒකාබද්ධ නව සංවර්ධන ව්‍යායාමය වර්තමානයේ ජාතීන් අතර පවතින සංහිඳියාව සහ යාපනය ද්‍රවිඩ සිවිල් ජනතාව සහ හමුදා සාමාජිකයින් අතර පවතින හිතකර සහ මිත්‍රශීලි සම්බන්ධතාවය සදහා කදිම උදාහරණයක් ද සපයමින් සිටි. සෑම ප්‍රතිලාභීයෙකු සදහාම පර්චස් 20 ක නව ඉඩමක්, නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, වැසිකිලියක් සහ අංගසම්පූර්ණ නාන කාමරයකින් සමන්විත වර්ග අඩි 540 ක් පමණ වන අංගසම්පූර්ණ නිවසක් හිමි වේ. තවද මෙම නිවාස සංකීර්ණය සදහා ප්‍රජා මධ්‍යස්ථානයක්, මත්ස්‍ය වෙළදසැලක්, පොලිස් මුරපලක් ආදි සියළුම අවශ්‍යතාවලින් අංගසම්පූර්ණ වන අතර ලංකා විදුලිබල මණ්ඩලය සහ ජල හා ජලප්‍රවහන මණ්ඩලය මගින් ද අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කටයුතු යොදමින් පවති. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා කිරිමලේ පිහිටි භූමි ප්‍රදේශය ඒ සඳහා සකස් කිරීම, මැනීම් කටයුතු සිදු කිරීම, කොටස් කිරීම ආදිය පසුගිය ජුනි මස 26 වන දින ආරම්භ කෙරුණු අතර එම කටයුතු 10 වන ඉංජිනේරු සේවා බලකාය සහ ප්‍රදේශයේ සිවිල් විශේෂඥයන්ගේ සහායෙන් සිදු කෙරින. ශ්‍රී ලංකා යුද හමුදා 51 වන සේනාංකාධිපති මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර ඉහතින් දැක් වූ පරිදි 12 දෙනෙකුගෙන් සමන්විත ඉදිකිරිම් කණ්ඩායමක් ද සෑම නිවසක් ඉදි කිරීම සදහාම ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය සදහා 2016 ජූලි මස 11 වන දින මුල්ගල තබන ලද අතර රජ්‍ය මගින් සිදු කරගෙන යනු ලබන සංහිඳියාව වැඩපිළිවෙලට සමාන්තරව යමින් සහ මෙම ජනතාවගේ සමාජීය සහ සංස්කෘතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව අවතැන් වූ ජනතාව සහ ඉඩම් අහිමි ජනතාව සඳහා ස්ථිර ඉඩම් සහ නිවාස පලාලි යුද හමුදා කදවුර අසල පිහිටි කිරිමලේ ප්‍රදේශයෙන් ලබාදීමට අවැසි තිරණ ගනු ලැබූ අතර ඒ සදහා එම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් සහ දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් ද අදහස් විමසිමක් සිදු කරනු ලැබීය. 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මෙම ව්‍යාපෘතිය සඳහා අවැසි පුහුණු ශ්‍රම දායකත්වය, තාක්ෂණික සහාය සහ විශේෂඥ සහාය ලබාදෙන අතර, යුද හමුදාවේ 51 වන, 52 වන සහ 55 වන සේනාංකාධිපතිවරුන් මේ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදෙමින් සිටි. ඒ අතරම මිළග වටයේ අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කිරිම සඳහා නව නිවාස ලබාදීම මෙම වසර අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ. මීට දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළපෙළේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් වන අතිරේක ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ යුදථ නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරිමේ සහ හින්දු කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කිරිමලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මෙම නිවාස ව්‍යාපෘතියේ වර්තමාන තත්වය අධික්ෂණය සඳහා සංචාරයක නියැලුනු අතර වර්තමානයේ ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ සංගමයේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරික්ෂණය කිරීම සඳහා පසුගිය දිනක මෙහි සංචාරයක නිරත වන ලදි.
Running sports
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ