Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2016 16:35:46 Hours

ක්‍රිකට් තරඟාවලියේ ශුරතා සහ අනුශුරතා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දිනාගනි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ පිරිමි හා කාන්තා ක්‍රිකට් තරඟාවලිහි දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ශුරතා තුනක් සහ අනුශුරතා දෙකක් දිනා ගැනීමට සමත්විය. මෙම වසරේ මුල දී යුද හමුදා පිරිමි කණ්ඩායම අන්තර් සමාජ විස්සයි 20 තරගාවලිය ජයගත් අතර 2011 වර්ෂයේ දී කාන්තා කණ්ඩායම අන්තර් සමාජ සීමිත පන්දුවාර ශුරතාවය සහ අනුශුරතාවය දිනා ගන්නා ලදි. එම වසරේම යුද හමුදා පිරිමි කණ්ඩායම සීමිත පන්දුවාර අනුශුරතාවය හිමි කරගත් අතර, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති 23 න් පහල විස්සයි 20 තරගාවලියේ දී ශුරතාවය ද හිමි කර ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටම් සඳහා තරග කිරීමට බොහෝ දක්ෂ පිරිමි හා කාන්තා ක්‍රීඩකයින් හඳුන්වා දී තිබේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ගලගමගේ වෙත ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් සිය ස්තුතිය ද පුද කළහ.Adidas footwear | Autres