Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2016 20:30:21 Hours

ශ්‍රී ලංකාවෙහි සහ මාලදිවයිනෙහි එක්සත් ජනපද තානාපති යාපනය ආඥාපතිතුමා හමු වේ

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා අඟහරුවාදා (16) දින පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. එම අවස්ථාවේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එම පිරිස පිළිගත් අතර, යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. එහිදී යාපනය ආඥාපතිතුමා විසින් පශ්චාත් යුද සමයේ ඇති අභියෝග සහ ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා හමුදාවේ දායකත්වය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අතුල් කේෂප් මහතාගේ එම සංචාරය සිහිගන්වමින් සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, අතුල් කේෂප් මහතා එම ආරක්ෂක සේනා මූලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.Sport media | Nike, adidas, Converse & More