Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2016 17:00:29 Hours

සෞඛ්‍ය පිළිබඳ කාන්තා සෙබලියන් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහයෝගය ඇතිව, එහි සේවයේ නියුතු කාන්තා සෙබලියන් වෙනුවෙන් සෞඛ්‍ය හා සුවතා වැඩමුළුවක් එම මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී අගෝස්තු මස 10 සහ 11 යන දිනයන්හි පවත්වන ලදි. මෙම වැඩමුළුවේ දී 'සෞඛ්‍යය', 'ආත්ම අභිමානය', 'ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය' සහ 'සෞඛ්‍ය සම්පන්න සබඳතා සහ මානසික ආතති කළමනාකරණය' වැනි කාන්තාවන් හට වැදගත් මාතෘකා පිළිබඳ දැනුවත් කෙරිනි. ඒ සඳහා 6 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෙහි ආරම්භක දේශනය 572 බලසේනාවේ බලසේනාධිපති විසින් සිදු කරන ලදි. අනුරාධපුර ජාතික රෝහලේ වෛද්‍ය ලලිත් ප්‍රියංකර මහතා සහ වෛද්‍ය තරංග ද සිල්වා මහතා විසින් මෙම දේශන මෙහෙය විය. තවද, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජේ.ඒ.යූ.ජේ.පී. ජයසූරිය ඇතුලු කාණ්ඩායම ද මීට එක්ව සිටියහ.spy offers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!