Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2016 18:11:52 Hours

14 සහ 58 වන සේනාංක භටපිරිස්හි සහය ඇතිව ඩෙංගු මර්ධන වැඩසටහනක්

ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමග සම්බන්ධතාවයෙන් අගෝස්තු මස 11 සිට 13 දක්වා තෙදිනක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි. ගම්පහ, කොළඹ සහ කළුතර ප්‍රදේශයන්හි ගෙවතු, කාණු පද්ධති, අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථාන සහ මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන භට පිරිස් විසින් පරික්ෂා කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ උපදෙස් අනුව එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 14 සහ 58යන සේනාංකහි සෙසු නිලයින් 196 දෙනෙක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර, ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් ද මීට එක්ව සිටියහ.Sneakers Store | Nike Air Max 270