Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2016 14:20:56 Hours

දැවැන්ත ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් සුදානම්

යුද හමුදා සාමාජිකයින් තුල තාක්ෂණික හා නිර්මාණාත්මක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් බලසේනා සහ සේනාංක මුලස්ථාන මට්ටමින් නිර්මාණය කරන ලද විශිෂ්ඨතම නව නිපැයුම් ඇතුලත් කර නුදුරේ දී කොළඹ දී දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය. ඊට ප්‍රථම අඟහරුවාදා (09) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයත් ඔවුන්ගේ නව නිපැයුම් හා නිර්මාණාත්මක උපකරණ ප්‍රදර්ශනය පවත්වන ලදි. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එම නව නිපැයුම් පරික්ෂා කර ඒවා ඇගයීමට ලක් කළ අතර, ඔවුන් දිරීමත් කරමින් විශේෂ ත්‍යාග ද පිරිනැමිය. සියලුම ප්‍රදර්ශන භාණ්ඩ අතුරින් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද වාහනය, ජංගම දුරකථනය හා සම්බන්ධ වාහන ආරක්ෂක පද්ධතිය සහ දෙපයින් ක්‍රියාකරවන පොල්ගාන යන්ත්‍රය යන නිර්මාණ වෙත පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිවිය. තවද, වගාවන් සඳහා ජලය ඉසින යන්ත්‍රය, ජංගම දුරකථනය මඟින් ක්‍රියාකරන නිවසේ ආරක්ෂක පද්ධතියක්, විදුලි පංකාවක් සහ විදුලි පන්දමක් සහිත කුඩයක් ආදි නිර්මාණ ද මෙහි විය. මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, මෙම නිර්මාණ වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගය කළ අතර, ඔවුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට උනන්දු කිරීම ද මෙහිදි සිදු කෙරිනි.Authentic Sneakers | Yeezy Boost 350 Trainers