Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2016 20:39:10 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය නාවුලට

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශීෂ්ටතම රෙජිමේන්තුවක් වන සීදුව ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය එහි සාමාජිකයින් වෙත පහසුකම් රැසක් සපයමින් නව ස්ථානයක ස්ථාපිත කරන ලදි. මෙම රෙජිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර, විශේෂ බලකා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව රෙජිමේන්තු මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමට මත්තෙන් භට පිරිස් විසින් ඔහු වෙත කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද එම පරිශ්‍රයේ දී පිරිනමන ලදි. අනතුරුව, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ‘නිල් අරඹ’ නව අවන්හල ද විවෘත කළහ. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම විශේෂ බලකා කවුන්සිලයේ සාමාජික මේජර් ජෙනරාල් එන්.ඒ. ධර්මරත්න විසින් මෙහි පැමිණි මේජර් ජෙනරාල් සේනානායක පිළිගැනීම සිදුකෙරිනි. මෙහි තවත් අංගයක් ලෙස ප්‍රධාන අමුත්තා ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කඳවුරු පරිශ්‍රය තුල පොල් පැළ සිටුවිමේ වැඩසටහන සඳහා ද එක්වූහ. තවද, මින් අනතුරුව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ පසුදින දානමය පිංකමක් ද පැවැත්විය.buy footwear | Entrainement Nike