Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2016 19:37:43 Hours

දළදා මාලිගාව පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 11 වන සේනාංක භට පිරිස්හි සහාය

මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය මගින් ‘පරිසරය පූජනීයයි’ වැඩසටහන යටතේ පාරිසරික සත්කාරක වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 11 වන සේනාංක භට පිරිස් විසින් මහනුවර දළදා මාලිගාව පරිශ්‍රය ඉදිරිපිට දී බ්‍රහස්පතින්දා (04) දින සිදු කරන ලදි. එලෙඹෙන ඇසළ පෙරහැර වෙනුවෙන් දළඳා මාළිගාය පරිශ්‍රයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා සහයෝගය දක්වන ලෙස යුද හමුදාපතිගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් එම ආරක්ෂක සේනා භට පිරිස් වෙත උපදෙස් ලබා දී තිබුණි. එම පුණ්‍ය කටයුත්ත සඳහා 11 වන සේනාංකයෛහි නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙකු දායකත්වය ලබා දුන් අතර, දළඳා මාළිගාට අවට පිරිසිදු කිරීම් කටයුතු සඳහා නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 100 දෙනෙකු සහයෝගය දක්වනු ලැබීය. එමෙන්ම ගෙඩිගේ විහාර පරිශ්‍රය තුළ සිදු කරනු ලැබූ පිරිසිදු කිරීම් සඳහා එක් යුද හමුදා නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 25 දෙනෙකු සහයෝගය දක්වනු ලැබීය. දිය කපන ස්ථානයෙහි පිරිසිදු කිරීම් කටයුතු සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකු සහභාගි විය. තවද, සිවිල් ආයතන කිහිපයක් ද මෙම පුණ්‍ය කටයුත්ත සඳහා එක්ව සිටියහ.Running Sneakers Store | nike air jordan lebron 11 blue eyes black people