Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2016 15:09:25 Hours

වන්නි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ සිවිල් වැසියන් සඳහා සුභසාධන සහය

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ එම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් සඳහා විවිධ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝගම්බර රත්න ජෝති නායක හිමිගේ අනුග්‍රහයෙන් විහාරස්ථාන 10 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත පෝසිලෙන් පිගාන්, ජල පොම්ප, ජල පෙරණ, වීදුරු භාණ්ඩ, හැදි ගෑරුප්පු ආදිය ඇතුලත් පාර්සල් බෙදා දීම සිදුකළ අතර, එහි එක් කට්ටලයක වටිනාකම රුපියල් 50,000/= ක් පමණ වේ. එම උත්සවය ඉරිදා (7) වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විය. එමෙන්ම එදින පාසල් ළමුන් 350 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ මඩුකන්ද පිරිවෙන් ධර්ම විද්‍යාලයෙහි සිසුන් 33 දෙනෙකු හට නිළ ඇදුම් සඳහා මුදල් වවුචර් ලබා දෙනු ලැබූ අතර, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම අවස්ථාව සඳහා සහභාගි වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 30 නමක් සඳහා ද දානය පිරිනමනු ලැබූ අතර, එම අවස්ථාවට සහභාගි වූ සිවිල් ජනතාව වෙත දිවා ආහාරය ද ලබා දෙනු ලැබීය. එදින වැඩසටහනෙහි දෙවන අධියරෙහි වෙහෙරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ පවුල් 100 ක් සඳහා ගොවි උපකරණ සහ මෙවලම් කට්ටල 100 ක් එම අවස්ථාව සඳහා සහභාගි වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් 65 දෙනෙකු විසින් වෙහෙරතැන්න ගම්මානයට ගොස් සිවිල් වැසියන් සඳහා බෙදා දෙනු ලැබීය. එමෙන්ම පැමිණි භික්ෂූන් වහන්සේලා සහ 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල් කොඩිප්පිලි විසින් වෙහෙරතැන්න Mortis Aids Club සඳහා සූපවේදී භාණ්ඩ සහ අරමුදල් ලබා දෙනු ලැබීය. මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමගින් විශාල ගිහි පිරිසක් එක් වූහ.Best Nike Sneakers | Jordan Shoes Sale UK