Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2016 16:28:34 Hours

11 වන සේනාංකයේ භට පිරිස් සඳහා පුහුණු දින දේශන

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් නිලධාරීන් තුල හමුදාමය කරුණු පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් බදාදා (03) දින දේශන කිහිපයක් පවත්වන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ් වික්‍රමරත්නගේ මඟපෙන්වීම අනුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීරගේ ප්‍රධානත්වයෙන් 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් ‘ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපන පද්ධතියට පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පයේ බලපෑම්’ තේමාව යටතේ මෙහිදි දේශනයක් පැවැත්විය. 111 සහ 112 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුලු නිලධාරීන් 40 ක් පමණ මේ සඳහා සහභාගි විය. තවද, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ඩි.වයි.එස්. කුමාර සහ ලුතිතන් ඒ.සී.කේ.උඩුගම විසින් ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ යන මාතෘකාව යටතේ දේශනයක් ද මෙහිදි පැවැත් වූ අතර ඒ සඳහා නිලධාරීන් 17 ක් සහ සෙසු නිලයින් 105 ක් එක්ව සිටියහ.Best Nike Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp