Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2016 16:07:11 Hours

23 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් දිළිඳු පවුලක් වෙත නව නිවසක්

23 වන සේනාංකයෙහි 26 වන සංවත්සරය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ ජුලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පූනානිහි දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, සංවත්සරයට සමඟාමීව බදාදා (20) දින පූනානි පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 200 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම බ්‍රහස්පතින්දා (21) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායානවක් සහ පසු දින (22) උදෑසන මහා සංඝ රත්නය වෙත හීල් දානය පිරිනැමිමද සිදු කරනු ලැබීය. අනතුරුව සිකුරාදා (22) දින පැළ සිටුවීමේ ව්‍යැඩසටහනක් ආරම්භ කළ අතර 23 වන සේනාංක පරිශ්‍රයේ දී කොස් පැළ සියයක් ද සිටවන ලදී. එමෙන්ම එදිනම කල්කුඩා ප්‍රදේශයේ දිලිදු පවුලක් සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබූ නිවසක් පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රේලියාවේ පදිංචි රොඩ් තම්බයියා මහතා විසින් ඒ සඳහා මූල්‍යාධාර පිරිනමා ඇත. සංවත්සරයට සමඟාමීව සෙනසුරාදා (23) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනැමු අතර, පූනානි පිහිටි එම සේනාංක සරඹ පිටියේ දී ආචාර සම්මාන පෙලපාලියක් ද පිරිනමනු ලැබීය. අනතුරුව සංවත්සර දින සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. එමෙන්ම 23 වන සේනාංක පරිශ්‍රයේ පැවති වර්ණවත් සංගීත සංදර්ශණයකින් අනතුරුව 26 වන සංවත්සරයේ වැඩසටහන් නිමා විය.Nike Sneakers Store | UK Trainer News & Releases