Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2016 15:26:33 Hours

විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් වන්නි නවෝත්පාදන - 2016 අනුරාධපුර දී

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ යුද හමුදා සහ රජරට විශ්ව විද්‍යාලය මෙන්ම ප්‍රදේශයේ පාසල්වල නවෝත්පාදන හැකියාවන් විදහා දක්වමින් සංවිධානය කරනු ලැබූ වන්නි නවෝත්පාදන - 2016 ජුලි මස 29 වන දින සිට 31 දින දක්වා අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ මෙම ව්‍යාපෘතියෙහි වන්නි භටපිරිස්හි අධ්‍යාපන, තාක්ෂණික, යාන්ත්‍රික, කලා, සංස්කෘතික මෙන්ම විද්‍යාත්මක නවෝත්පානදයන් කෙරෙහි සැගවුනු දක්ෂතාවන් නැරඹීම සඳහා දහසකට අධික ජනකායක් එම ස්ථානය වෙත පැමිණියහ. එම ප්‍රදර්ශණයෙහි ප්‍රථම දින (29) ප්‍රධාන ආරාදිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වූ අතර, කළමණාකරන, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨයේ මෙන්ම සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මුල්‍ය හා කළනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී.යූ රාජපක්ෂ සහ ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ පිළිවෙලින් ජූලි මස 30 සහ 31 ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය. මේ සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ බලඇණි යටතේ රාජකාරී නියුතු භට පිරිස් රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ප්‍රදේශයේ පාසල් සිසුන් බොහෝ පිරිසක් සහභාගි වූහ. හමුදා සාමාජිකයින්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු සියලුම සිසුන්ගේ සහභාගීත්වයෙන් ‘වන්නි සිත් රූ’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ද දින තුනක් පුරාවට මෙම ස්ථානයේ පැවැත්විය. මෙහිදි ඒ සඳහා සහභාගි වූ සිසුන් හට ළමා ආරක්ෂණ සහ ලිංගික අපයෝජනයන්, මත්ද්‍රව්‍ය නිවාරණය, රථ වාහන අනතුරු සහ වකුගඩු රෝග යන තේමාවන් යටතේ චිත්‍ර නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දු විසින් ආරාධිතයින් පිළිගෙන මෙම ප්‍රදර්ශනය පිළිබඳ හැදින්විමක් ද සිදුකලහ. සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දායක විය. පාසල් සිසුන් සහ සිවිල් වැසියන් විශාල පරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹිම සඳහා එක්ව සිටියහ.Asics shoes | Nike for Men