Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2016 15:22:39 Hours

සුවිශේෂි දක්ෂතා සහිත බාලිකාවන්ගේ බාලදක්ෂිකා කඳවුර සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරීන්ගේ සහාය

සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කළ ජූලි මස 31 සිට අගෝස්තු මස 04 දක්වා දින 05 ක් පුරා කයිතඩි අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ දී පැවති පස් දින බාලදක්ෂිකා කඳවුර සඳහා යාපනය අරක්ෂක සේනා මූලස්ථානය විසින් සිය ක්‍රියාකාරි දායකත්වය ලබාදෙන ලදි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත 52 වන සේනාංක සහ 523 බලසේනාවෙහි භට පිරිස් විසින් එම භූමිය සකස් කිරීම, කූඩාරම් ඉදිකිරීම, සංගීත කණ්ඩායම ලබාදීම මෙන්ම අනෙකුත් මුලික අවශ්‍යතා ඉටු කරමින් මෙම කඳවුර සාර්ථක කරගැනීම සඳහා සංවිධායකයන් වෙත සහාය දැක්විය. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර, 523 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ක්‍රිෂාන්ත ඥාණරත්න, ශ්‍රී ලංකා සුවිශේෂි දක්ෂතා සහිත බාලිකාවන්ගේ බාලදක්ෂිකා සංගමයේ ශාඛා අධ්‍යක්ෂ සහ හිටපු අධ්‍යක්ෂ මහියා රෆික් මහත්මිය සහ මියුලින් දිසානායක මහත්මිය මෙන්ම අඳ, ගොළු, බිහිරි විද්‍යාලයේ විදුහල්පති වාසුකි රාජසිංහම් මහත්මිය ද එක්ව සිටියහ. බාලදක්ෂිකාවන්ගේ සෞන්දර්ය හා ගායනය කුසලතා ඔප්නැංවිමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් එදින සන්ධ්‍යාවේ සංගීත සැඳැවක් ද සංවිධානය කර තිබුණි. Authentic Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News