Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2016 19:52:12 Hours

ආරක්ෂක සේවා වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද හමුදාවට

යුද හමුදා වොලිබෝල් කමිටුව විසින් සංවිධානය කළ ආරක්ෂක සේවා වොලිබෝල් තරඟාවලිය - 2016 අවසන් මහා තරඟය සඳුදා (01) දින අබේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විය. එම අවසන් මහා තරඟය නැරඹිම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කමිටු සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් කමිටු සභාපති කොමදෝරු කේ.එස්.එස්. උත්පල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කමිටු සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්.ජේ. පතිරගේ ද සහභාගි විය. එම අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම තරඟ කළහ. එහිදි ලකුණු 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි කණ්ඩායම ශුරතාවය හිමි කරගත් අතර, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම අනුශුරතාවය හිමි කර ගන්නා ලදි.Asics footwear | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth