Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2016 13:24:11 Hours

12 වන සේනාංක භට පිරිස් කතරගම වන්දනාකරුවන් සඳහා ආහාර පිසීමට සහය වේ

වාර්ෂිකව (ජුලි මස 5 සිට 19) වන දින දක්වා කතරගම දේවාල පුද බිමේ පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් සඳහා පවත්වනු ලබන දන්සලෙහි අවශ්‍ය ආහාර පිසීම සඳහා සිවිල් සූපවේදීන් සහ යුද හමුදා සාමාජිකයින් සිය දෙනෙකු සහය ලබා දී ඇත. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් යුද හමුදා සූපවේදින් 49 දෙනෙකු සහ සිවිල් සූපවේදීන් 17 දෙනෙකු මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුනි. එම බැතිමතුන් සඳහා ආහාර ලබා දීමේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ලබා දෙනු ලැබු ආහාර එම බැතිමතුන් හට මහත් සත්කාරයක් විය. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා යුද හමුදා අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සියයකට ආසන්න ප්‍රමාණයක් දායකත්වය ලබා දෙනු ලැබීය. buy shoes | UOMO, SCARPE