Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2016 13:22:32 Hours

දකුණු පළාත් ආදී ආනන්දීය ශාඛාවෙන් පාසල් සිසුන් සඳහා පරිගණක

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.කේ හේරත් ගේ මඟපෙන්වීම යටතේ 18 වන ශ්‍රී ලංකා පබල හමුදා රෙජිමේන්තු භට පිරිස් විසින් දකුණු පළාත් ආදී ආනන්දීය ශාඛාවෙහි දායකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. හොද හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ආදි සිසුන් විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී. මෙම අවසථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 551 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.කේ හේරත් සහභාගි විය. දකුණු පළාත් අදි ආනන්දීය ශාඛාවේ සභාපති ඉසුරු ද සිල්වා මහතා සහ එම කණ්ඩායමත්, ආචාර්යවරුන්, සිසුන් සහ භට පිරිස් මෙම අවස්ථාවට සහභාගි විය. මෙහිදී සිසුන් 54 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබා දුන් අතර, පාසල සඳහා පරිගණකයක් පරිත්‍යාග කිරීම ද සිදු විය. වඩමාරච්චි ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක් වූ අල්වායි අම්බාල් විද්‍යාලයයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම පරිත්‍යාග සිදු කරනු ලැබීය.Mysneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov