Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2016 12:21:08 Hours

11 වන සේනාංකයෙහි නව පුස්තකාලය සහ ශාරීරික අභ්‍යාසගාරය විවෘත කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මහනුවර පිහිටි 11 වන සේනාංක මූලස්ථානයෙහි දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවතිව තිබූ පුස්තකාලය සහ ශාරීරික අභ්‍යාසගාරය සිකුරාදා (22) දින විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා 11 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර සමගින් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඊ.ඒ.පී එදිරිවීර, මාණ්ඩලික නිලධාරී - 1 ක්‍රියාන්විත ලුතිතන් කර්නල් ඩබ්.එම්.එස්.එන් ඇරාගොඩ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී -1 සම්බන්ධීකරණ ලුතිතන් කර්නල් එල්.ජී.ජේ.එන් ආරියතිලක සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා 11 වන සේනාංකයේ නිලධාරීන් සහ භට පිරිස් විසින් දායකත්වය දක්වන ලදී.Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News