Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2016 16:45:18 Hours

12 වන සේනාංක භට පිරිස් ලේ දන් දීමේ වැඩසටහනක

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සඳහා වසර 10 ක් සපිරීම නිමිත්තෙන් මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සුබසාධක සංගමය විසින් බදාදා (20) දින එම ශ්‍රවනාගාරයේදී ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මිරිජ්ජවිල උද්භිද උද්‍යාන සුබ සාධක සංගමය විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම සේනාංක සෙබලුන් ලේ දන් දීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දී ඇත. එම ලේ දන් දීමේ වැඩසටහන සඳහා යුද හමුදා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 12 දෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු සහභාගි වූහ. jordan release date | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf