Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th July 2016 16:24:26 Hours
ආරක්ෂක ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදාපති නිදහස් කරන ලද ඉඩම්වල ප්‍රගතිය සොයා බලයි
යාපනය ප්‍රදේශයේ යුද හමුදාව යටතේ පැවති ඉඩම් සිවිල් වැසියන් වෙත ලබා දීම සහ යුද හමුදාව විසින් එම ප්‍රදේශයේ නැවත පදිංචි කරවූන් සඳහා ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වත්මන් ප්‍රගතිය විමසීම සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමගින් උසස් රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා (23) උදෑසන යාපනය ප්‍රදේශයෙහි සංචාරයක නිරත විය. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, හිංදු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වී සිවඥානසෝති මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේදනාය මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිස තෙලිප්පලෙයි ග්‍රාම සේවා වසමේ ඉදිවෙන කීරමලෙයි නිවාස ව්‍යාපෘති වැඩබිමේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් එම පිරිස පිළිගනු ලැබීය. වලිකාමම් උතුරු ප්‍රදේශයේ කීරමලෙයි වැඩ බිමෙහි යුද හමුදාව විසින් ඉදි කරමින් පවතින නව නිවාස සියය දින 45 ක් ඇතුලත සම්පූර්ණයෙන් ඉදි කිරීමේ අභියෝගය භාරගත් අතර, එය මෙම නියෝජිත පිරිස නිරීක්ෂණය කරන ලදී. ඉන් අනතුරුව මෙහි වත්මන් තත්වය පිලිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් එම නියෝජිත පිරිස වෙත අදහස් ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී සාකච්ඡාව අතරතුර යාපනය දිස්ත්‍රික් ලේකම් සහ අනෙකුත් නිලධාරීන් විසින් මේ වන විට යුද හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ මහජනතාව වෙත ලබා දී ඇති ඉඩම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබු අතර, හිංදු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වී සිවඥානසෝති මහතා ද ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම කන්සන්තුරෙ, කුරුම්බසෙට්ටි සහ කීරමලෙයි ප්‍රදේශයේ සිදුවන නැවත පදිංචි කිරීම්වලදී කීරමලෙයි මුහුදු සීමාව ආශ්‍රිත ධීවර ජනතාව වෙත ප්‍රමුඛත්වයක් මත නිවාස ලබා දීමට තීරනය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලෙකම් සහ ප්‍රාදේශිය නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදී. දිනයේ අවසාන භාගයෙහි එම නියෝජිත පිරිස කීරමලෙයි වෙරළ තීරයේ නැවත පදිංචි කළ ධීවර ජනතාව සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින බෝට්ටු නැංගුරම් ස්ථානයෙහි ද සංචාරයක නිරත විය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ හිංදු ආගමික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ඩී.එම් ස්වාමිනාතන් මැතිතුමාගේ උපදෙස් මත දැනට නැවත පදිංචි කරනු ලැබූවන්ගේ ජීවනෝපාය දියුණු කිරීම, ආර්ථික සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීමට මේ වන විට විවිධ පියවර ගෙන ඇති අතර, එම ව්‍යාපෘතින්හි ක්‍රියාකාරීත්වය කඩිනම් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කරන ලදී.
short url link
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ