Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2016 14:47:31 Hours

කිළිනොච්චි ‘යෝග’ පාඨමාලා අංක 04 ත් නිමා වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් තුල විනය නිවැරදිව පවත්වා ගැනීම සඳහා මෙන්ම චිත්ත ධෛර්ය සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම සදහා එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු දින 33 ක් පූරා පැවති යෝග පාඨමාලා අංක 04 කිලිනොච්චි උසස් පාබල පුහුණු පාසලේ දී සෙනසුරාදා (16) දින අවසන් විය. මෙම පාඨමාලාව ජුනි මස 13 වන දින ආරම්භ වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 44 දෙනෙකු සහභාගි වන ලදි. මෙහි සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වි.ඒ. සුදසිංහ විසින් සමාප්ති දේශනය ද පැවැත්විය. එහිදි එම පාඨමාලාව හැදැරූවන් විසින් යෝග අභ්‍යාස කිහිපයක් නිදර්ශන මගින් ඉදිරිපත් කිරීම ද සිදු කරන ලදි. 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.jordan Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify