Header

Sri Lanka Army

Defenders of the Nation

20th July 2016 19:02:54 Hours

පාසල් සිසුන් සඳහා නිදන ඇඳුම් කට්ටල බෙදාදෙයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කැළණිය රොටරි සමාජයේ දායකත්වය ඇතිව නිකවැරටිය සහ මහව අධ්‍යාපන කලාපවලට අයත් පාසල් ළමුන් සඳහා ජුලි මස 11 සිට 15 දින දක්වා නිදන ඇදුම් කට්ටල 4000 ක් බෙදා දී ඇත. ඒ අනුව කැළණිය රොටරි සමාජය විසින් නිකවැරටිය සහ මහව අධ්‍යාපන කලාපවලට වයස අවුරුදු 6ත් 12 ත් අතර පාසල් ළමුන් සඳහා අවශ්‍යතාවය අනුව මෙම ඇඳුම් කට්ටල එම කලාප දෙකෙහි මධ්‍යස්ථාන 05 ක දී බෙදාදීම සිදු කරන ලදි. ඇඳ ඇතිරිල්ලක්, කොට්ට උරයක්, මේස් සමඟ සපත්තු කුට්ටමක්, කොට කලිසම් දෙකක්, ෂර්ට් දෙකක් මෙන්ම පෑන් සහ සටහන් පොත් ආදි පාසල් උපකරණ ඇතුලත් පාසල් බෑගයකින් ද එම කට්ටලය සමන්විත විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම යටතේ 26 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් මෙම නිදන ඇඳුම් කට්ටල තෝරාගනිමින් සහ බෙදාහරිමින් සිය සහාය දැක්විය. තවද 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පී.ජේ. ගමගේ සහ 143 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස්.පී. පෙරේරා විසින් මෙම කටයුතු අධික්ෂණය කරන ලදි.Authentic Sneakers | New Releases Nike