Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2016 18:48:10 Hours

බස්නාහිර සහ දකුණු පළාත්වල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යුද හමුදාව එක් වේ

යුද හමුදා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය හා එක්ව යුද හමුදාව විසින් ජුලි මස 13 සිට 15 වන දින දක්වා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරනය කරමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ එම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා 14 සහ 58 සේනාංකයන්හි භට පිරිස්, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වූහ. කැළණිය, දොම්පෙ, අත්තනගල්ල, බොරුල්ල‍, කඩුවෙල, මහරගම, හෝමාගම සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි පැවති එම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 14 වන සේනාංකයෙහි යුද හමුදා නිලධාරීන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 152 දෙනෙකු සමගින් යුද හමුදා සාමාජිකයින් 157 දෙනෙකු සහභාගි වූහ. මේ අතරතුර 58 වන සේනාංකයෙහි සෙසු නිලයින් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නෙලුව, ඉමදූව, උඩුගම, අක්මීමන, හබරාදුව, බද්දෙගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ඉදුරුව සහ ඒ අවට ප්‍රදේශන්හි ද ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. latest Nike Sneakers | Sneakers