Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th July 2016 12:31:53 Hours
ශ්‍රී ලංකා වෙඩි තබන්නන් IMSSU ලෝක ශුරතාව - 2016 ජයග්‍රහණයෙන් අනතුරුව මව්බිමට පැමිණෙයි
ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016 සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ඇතුලු අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ කණ්ඩායම කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා වෙඩිතැබිම් යන ඉසව්වලින් ලෝක ශුරතාවය හිමිකරගත් අතර, දකුණු අප්‍රිකාවේ පැවති එම තරඟාවලිය සෙනසුරාදා (16) දින නිමාවට පත්විය. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කපිතන් පී.කේ.ජේ.එස්. ගයන්ග විසින් කුඩා සිදුරු සැහැල්ලු රයිෆල්, කුඩා සිදුරු ඡායා වෙඩිතැබිම් සහ කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් - විවෘත දර්ශක යන අංශ තුනෙන්ම රන් පදක්කම් 03 ක් දිනා ගනිමින් ලෝකයේ අංක 01 බවට පත්විය. තවද, මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විශාල සිදුරු සැහැල්ලු රයිෆල් අංශයෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගන්නා ලදි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔවුන් වෙත සිය ප්‍රසාදය පළ කළ අතරම සුභ පැතුම් ද එක් කළහ. මෙම ශුරතාවලිය සඳහා රටවල් 08 ක් නියෝජනය කරමින් වෙඩිතබන්නන් 150 කට අධික ප්‍රමාණයක් තරඟ වැදුණු අතර, එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රන්, රීදි සහ ලෝකඩ ඇතුලු පදක්කම් 38 ක් හිමි කර ගැනීමට සමත්විය. බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි. වැලිකල, මේජර් සී.එස්. රත්නායක, කපිතන් පි.කේ. ජේ.එස්. ගයන්ග, බලලත් නිලධාරී අයි.එන්. වීරසිංහ, කෝප්‍රල් කේ.පී. ගුණවර්ධන, මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ අනිල් ගුණවර්ධන මහතා, හිල් කන්ට්‍රි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ ඩබ්.එම්.එස්. මැණික්දිවෙල මහතා සහ මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ මාස්ටර් ඉෂාර අබේසූරිය ඇතුලු මෙම ජයග්‍රාහි කණ්ඩායම අද (18) උදෑසන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අතර, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමය විසින් ඔවුන් මහත් හර සරින් පිළි ගන්නා ලදි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, යුද හමුදා සුළු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී. නිවුන්හැල්ල, ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් පූරක සෙනවිරත්න ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් ද මෙම පිරිසට සුභ පැතීම සඳහා ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.
best Running shoes
|
Sneaker & Lifestyle News