Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
18th July 2016 13:18:44 Hours
නව වාර්තා සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා උළෙල නිමාවේ
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය - 2016’ අඟහරුවාදා (12) දින දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු අතර, තෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය නව ක්‍රීඩා වාර්තා රැසක් තබමින් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේ නිමා විය. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ආරාධනයෙන් මෙම ක්‍රීඩා උළලේ වර්ණවත් සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් බලඇණි 100 කට වැඩි ප්‍රමාණයකින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා එක්ව සිටියහ. ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද හමුදාපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය. මෙහි දී පැවැත් වූ ජවන සහ පිටියේ ක්‍රීඩා ඉසව් තුලින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සහ යුද හමුදා නව තරඟ වාර්තා කිහිපයක් බිහි වූ අතර, තරඟ අවසාන අවස්ථාවන්හි සියගණනක් වූ ප්‍රේක්ෂකයන් තමන්ගේ ප්‍රියතමයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් අත්පොළසන්දීම ද සිදුකෙරිනි. උත්සවය අවසානයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමිම ද සිදු කරන ලදි. ක්‍රීඩාංගණය පසුබිමින් ශ්‍රී ලංකා යුද හමුදා, ස්වේච්ඡා බල සේනා සහ යුද හමුදා ක්‍රීඩා ධජයන් ගුවනේ ලෙලදෙත් දී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණිමෙන් අනතුරුව ස්වේච්ජා බලසේනා සෙබලුන් විසින් වර්ණවත් සරඹ සංදර්ශනයක් ද පවත්වන ලදි. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ක්‍රීඩා දින පොතෙහි වාර්ෂික අංගයක් බවට මෙන්ම ස්වෙච්ඡා බල සේනාවේ ක්‍රීඩාවට ලැදි පිරිස වෙනුවෙන්ම මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතර, එමඟින් ක්‍රීඩා දක්ෂතාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් බිහි කරමින් ප්‍රශංසනීය සේවාවක් ඉටු කර ඇත. යුද හමුදාපතිතුමා විසින් නිළ වශයෙන් මෙම ක්‍රීඩා උළලේ සමාප්තිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ධජ අඩකුඹු කරමින් ‘ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය - 2016’ නිමා විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම ආරාධිතයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. පසුගිය අඟහරුවාදා (12) දින ආරම්භ වූ මෙම තරඟාවලියේ සමාරම්භක උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගි වූවේය.
Mysneakers
|
NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite