Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2016 01:33:18 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පරිගනක පාඨමාලාවක් නිමාවේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි රාජකාරී නියුතු භට පිරිස්හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් Orient Academy Limited පුද්ගලික ආයතනය හා ඒකාබද්ධව පනාගොඩ එම ආරක්ෂක සේනා මූලස්ථාන නැණසල පරිශ්‍රයේ පවත්වනු ලැබූ තවත් එක් පරිගනක පාඨමාලාවක් ජුලි මස 15 වන දින නිමා විය. 14 වන සේනාංක සහ 58 වන සේනාංක යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි වූ එම පාඨමාලාව ජුනි මස 20 වන දින ආරම්භ වුණ අතර, වැඩ කරන දිනයන් 15 ක් පුරා එම පාඨමාලාව පවත්වනු ලැබීය. එම පාඨමාලාවේ අවසන් අවස්ථාව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරන නිලධාරී ලුතිතන් කර්නල් එච්.එස් කරුණාතිලක සහ ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී II මේජර් ආර්.එම්.අයි.එල්.ඒ රත්නායක සහභාගි විය.best Running shoes brand | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!