Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2016 12:34:06 Hours

කිලිනොච්චි භට පිරිස් ක්‍රීඩා තරඟාවලි සඳහා සහභාගි වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් තුල මානසික ඒකාග්‍රතාවය සහ විඳදරාගැනීම මෙන්ම ක්‍රීඩා කුසලතාවයන් ප්‍ර‍වර්ධනය කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (12) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැසිපන්දු, ස්කොෂ් සහ බැට්මින්ටන් තරඟාවලි සංවිධානය කරන ලදි. මෙම තරඟාවලි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ යෝජනාවකට අනුව පැවැත් විය. ඒ අනුව 573 බලසේනාව සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව එක්ව පැසිපන්දු තරඟාවලිය සංවිධානය කරන ලදි. 3 වන ගජබා රෙජිමේන්තු සහ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය අතර පැවති එහි අවසන් තරඟයෙන් ජයග්‍ර‍හණය කරන ලද්දේ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා කණ්ඩායමයි. මෙහි පැවති ස්කොෂ් තරඟාවලියේ අවසන් තරඟය 57 වන සේනාංක කණ්ඩායම සහ 24 වන ගැමුණු හේවා කණ්ඩායම අතර පැවැත්විය. එහිදි 57 වන සේනාංක කණ්ඩායම ජයග්‍ර‍හණය කරන ලදි. එදිනම, 653 වන බලසේනාවේ සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංවිධායකත්වයෙන් බැට්මින්ටන් තරඟාවලියක් පැවැත්විය. එහි අවසන් තරඟය සඳහා තේරී පත් වූ 57 වන සේනාංකය කණ්ඩායම සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතුරින් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම වෙත ජයග්‍ර‍හණය හිමිවිය. මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් එච්.ඩි.ඩබ්. කාරියවසම් සහභාගි වූ අතර, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් ද මීට එක්ව සිටියහ.Nike air jordan Sneakers | Nike Shoes