Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2016 14:45:10 Hours

හම්බන්තොට ප්‍රදේශයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස් සඳහා ලිංගාශ්‍රීතව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම සේනාංක ප්‍ර‍ධාන ශාලාවේ දී බදාදා (13) දින පවත්වන ලදි. හම්බන්තොට මහා රෝහලේ ලිංගාශ්‍රීත රෝග නිවාරණ අංශයේ ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරී නලින් ගිගනගේ මහතා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. 12 වන සේනාංකයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් යූ.ජේ. කොටුවේගෙදර මෙන්ම නිලධාරින් 4 දෙනෙක් සහ සෙසු නිලයින් 75 දෙනෙක් මෙම දේශනය සඳහා සහභාගි වූහ.Sportswear Design | Sneakers