Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th July 2016 02:31:29 Hours
හසලක ගාමිණී විරුවාගේ 25 වන සංවත්සරය හසලක සහ අලිමංකඩ දී
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී විරුවාගේ 25 වන සංවත්සරය බ්‍රහස්පතින්දා (14) දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන් අලිමංකඩ හසලක ගාමිණී විරුවාගේ පිළිරුව අභියස දී සහ මහියංගනය හසලක ප්‍රදේශයේ දී සැමරුම් උත්සව සංවිධානය කරනු ලැබීය. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් හසලක නගර මධ්‍යයේ පිහිටි හසලක ගාමිණි විරුවාගේ පිළිරුව අභියස දී සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබූ අතර, මෙම විරුවාගේ සැබෑ වීරත්වය සහ ධෛර්ය සංකේතවත් කරමින් යුද හමුදා ගෞරව සිහිතව පුෂ්පෝහාර දැක්වීම ද එහිදි සිදු කරන ලදි. මීට සමගාමීව තවත් සැමරුම් උත්සවයක් අලිමංකඩ පිහිටි හසලක ගාමීණී විරුවාගේ ස්මාරකය අභියස දී සිදු කරනු ලැබීය. මෙම උත්සවය සඳහා මියගිය කෝප්‍රල් ගාමිණී කුලරත්නගේ මෑණියන් ඇතුළු පවුලේ සාමාජිකයින් ද මීපේ ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය දේශපාලඥයින්, හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලේ සිසු සිසුවියන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. මීට සමගාමීව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ද 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහගේ මූලිකත්වයෙන් අලිමංකඩ හසලක ගාමිණී පිළිරුව අසල දී අද (14) පස්වරුවේ සැමරුම් උත්සවය පැවැත් වූ අතර, එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර හා පහන් දල්වා ආලෝකමත් කිරීම ද එහිදි සිදු කෙරිනි. මෙම උත්සවය සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයෙහි සියලුම බලසේනාධිපතිවරුන් සහ සිංහ රෙජිමේන්තුවට අයත් අණදෙන නිලධාරීවරුන් ද සහභාගි වූහ. 1991 ජුලි මස 14 දින එල්ටීටීඊය විසින් පුපුරන ද්‍රව්‍ය රැගත් බුල්ඩෝසරයක් අලිමංකඩ යුද හමුදා කඳවුරට ඇතුලු කිරීමට වෑයම්කරන අවස්ථාවේ දී ලාන්ස් කොප්‍රල් ගාමිණි කුලරත්න නම් තරුණ හමුදා සෙබලා එය වැළැක්වීම සඳහා සිය කැමැත්තතෙන්ම තම ජීවිතය පුජා කර ඇත. එම වීර ක්‍රියාව නිමිත්තෙන් කෝප්‍රල් ගාමිණී කුලරත්න, සොල්දාදුවෙකුට ලබාගත හැකි උත්තරීතර පදක්කම වන ‘පරම වීර විභූෂයෙන්’ ද පිදුම් ලැබීය. 1990 වර්ෂයේ අලිමංකඩ යුද හමුදා කදවුර වෙත එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 5000 පමණ ඇතුලු වී කරන්නට යන මහා විනාශය තේරුම් ගත් කෝප්‍රල් කුලරත්න එම බෝම්බ සහ ත්‍රස්තවාදීන් සිටි බුල්ඩෝසරය වෙත අත් බෝම්බයක් රැගෙන පැන තම මිත්‍ර හමුදාව 600 ක් සමගින් අලිමංකඩ කදවුර බේරා ගැනීම සදහා ජීවිතය පුජා කරන ලදී. කොටි ත්‍රස්තවාදීන් විසින් උපක්‍රමිකව බර අවි ස්ථාපනය කරන ලද බුල්ඩෝසරයක් සන්නද්ධ රථයක් ලෙස පරිවර්තනය කර ඉදිරි ආරක්ෂක වළල්ල විනාශ කිරීම සඳහා එවූ අතර, ත්‍රස්තවාදීන් ද එය පසුපසින් පැමිණෙන ලදි. නමුත් එම බුල්ඩෝසරය ඉදිරි ආරක්ෂක වළල්ලේදීම විනාශයට පත්කිරීමට හැකියාව ලැබූණි. කඳවුර වෙත පැමිණෙන සන්නද්ධ බුල්ඩෝසරය වෙත පසුපසින් දිවගිය කුලරත්න ඔහු අත තිබූ අත් බොම්බ මඟින් එම බුල්ඩෝසරයේ සිටි ත්‍රස්තවාදීන් සිව්දෙනා මරාදැමූ අතර, එම පිපිරීමත් සමඟම එම සන්නද්ධ බුල්ඩෝසරය අකර්මනය තත්වයට පත්විය. පසුව, එහිදි තම ජිවිතය පුද කළ ලාන්ස් කෝප්‍රල් කුලරත්න විරුවාගේ සිරුර මාර්ග අසල තිබි සහෝදර සෙබලුන් විසින් සොයාගන්නා ලදි. කොප්‍රල් කුලරත්න 1966 වර්ෂයේ පවුලේ දෙවෙනි සාමාජිකයා ලෙස උපත ලද අතර, සහෝදරයන් දෙදෙනෙකු සහ එක් සහෝදරියක සිටිති. හසලක රණසිංහ ප්‍රේමදාස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1987 වර්ෂයේ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් වී ඇත. මෙම අභීත විරුවා සිහිගන්වමින් පසුකාලීනව අලිමංකඩ යුද හමුදා කදවුරෙහි ස්මාරකයක් ඉදිකළ අතර, විනාශ වූ බුල් ඩෝසරයේ කොටස් ද එහි තැන්පත් කර ඇත.
Sports brands
|
Air Jordan 1 Mid - Collection - Sb-roscoff