Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2016 19:57:07 Hours

උමාඔය දී ඇති වූ හදිසි ගින්න භට පිරිස් මැඩපවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා භට පිරිස් විසින් අඟහරුවාදා (05) දින වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උමාඔය සදින්හාවෙල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ ඇති වූ මෙම ගින්න පිළිබඳ සැලවීමත් සමඟ වැල්ලවායේ පිහිටි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් 50 කට වැඩි පිරිසක් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වි ගින්න නිවීමට අවශ්‍ය පියවර ගන්නා ලදි. කෙසේ නමුත්, භට පිරිස් විසින් එදින රාත්‍රියේදීම එම ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්විමට කටයුතු කල අතර, නමුත් ඒවන විටත් අක්කර 70 ක පමණ භූමි ප්‍ර‍මාණයක් ගින්නෙන් විනාශයට පත් වී ඇත.bridge media | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival