Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
07th July 2016 19:54:13 Hours
‘සහජීවන නගරයේ නවොත්පාදන ජීවය’ ආරම්භ වේ
‘සහජීවන නගරයේ නවොත්පාදන ජීවය’ යන තේමාව යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විසින් සංවිධානය කළ නව නිපැයුම් ප්‍රදර්ශනය සඳුදා (04) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම නව නිපැයුම් ප්‍රදර්ශනය විවෘත කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සිදු කෙරිනි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ ආරාධනයෙන් සියලු ප්‍රධාන ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් අරුමේනයාගම් මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, සිවිල් වැසියන් සහ පාසල් සිසුන් 600 කට වැඩි පිරිසක් මෙම ආරම්භ උත්සවයට සහභාගි වූහ. භට පිරිස් තුල අලුතින් සිතිමේ හැකියාව වර්ධනය කිරීමේ සහ අන් අයටත් අලුත් දෙයක් සිතිමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය ගෙනයාමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පවත්වන ලද අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලිම මත මෙහි පැවති තරඟයේ විනිශ්චය කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කන්දසාමි සහ මහාචාර්ය රවිරාජ් විසින් සිදු කරන ලදි. තවද, මෙහිදි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව පැවති විශේෂ උත්සවයේ දී මෙම ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් සියලුම නිලයින්ගේ දායකත්වය ඇගයීමට ලක් කළ අතරම, ජයග්‍රහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමිම ද සිදු කරන ලදි. එහිදි ‘අධිවේගී මාර්ගයේ සෙන්සර් මඟින් රථ වාහන පාලනය කිරීමේ උපකරණය’ නිර්මාණය කළ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ප්‍රථම ත්‍යාගය හිමි වූ අතර, දෙවන ත්‍යාගය ‘ගුරුත්වාකර්ශනය මඟින් ජලය පොම්ප කිරීමේ උපකරණය’ නිර්මාණය කළ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවටත්, තුන්වන ත්‍යාගය ‘ඉවතලන කොළපත් මඟින් පිඟන් නිපදවීමේ යන්ත්‍රය’ නිර්මාණය කළ 6 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායටත් හිමිවිය.
buy footwear
|
Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov