Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2016 22:07:07 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ‘ඉෆ්තාර්’ සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් ඉස්ලාම් ආගමික යුද හමුදා සාමාජිකයින් සමඟ එක්ව පසුගිය සඳුදා (04) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී ‘ඉෆ්තාර්’ සමරන ලදි. මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම මත මෙහි සියලු කටයුතු සංවිධානය කෙරිනි. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනා වෙත ඉස්ලාමීය ක්‍ර‍මයට අනුව සකස් කරන ලද ප්‍ර‍නීත ආහාර භුක්තිවිදීමට ද අවස්ථාව හිමිවිය. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති බ්‍රිගේඩියර් එච්.ඩි.ඩබ්. කාරියවසම්, 663 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩි. වීරසූරිය, 572 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ඒ. ඉසදීන්, 652 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.පී.ජේ.එස්.කේ. පටබැදිගේ සහ රාජ්‍ය සේවකයින් කිහිපදෙනෙක් මෙන්ම පූජකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.affiliate link trace | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5