Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2016 22:05:04 Hours

තවත් බලඇණි පුහුණු පාඨමාලාවක් අවසන් වේ

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 10 (සෙව්) ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයින් සඳහා වලමංඩිය බලඇණි පුහුණු පාසලේ දී බලඇණි පුහුණු පාඨමාලාවක් පවත්වන ලදි. අප්‍රේල් මස 25 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය 122 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.කේ. කොට්ටවත්ත විසින් සිදු කරන ලදි. එම පාඨමාලා කාලසීමාව තුල දී එහි නිලධාරීන් සහ සෙසු නිලයින් වෙසක් පුන් පොහෝ දිනයේ දී මහියංගනය රජමහා විහාරය වන්දනා කිරීමේ ආගමික චාරිකාවකට ද සහභාගි විය. මේ අතරතුර, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් සී.පී. ගාල්ලගේ ද මෙම පුහුණු පාසලේ සංචාරය කළ අතර, පාඨමාලාව ද නිරික්ෂණය කරන ලදි. 121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඒන්.එන්. කොස්වත්ත විසින් මෙම පාඨමාලාවේ අවසන් දේශනය සිදු කරන ලද අතර, පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සහතික පත් පිරිනැමිම ද එහිදි සිදුකලහ.best Running shoes | Nike Off-White