Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2016 14:26:28 Hours

මත්ද්‍ර‍ව්‍ය අනිසි ලෙස භාවිතය සහ නීති විරෝධි ජාවාරම් පිළිබඳ දැනුවත් කෙරේ

ජනාධිපතිතුමාගේ මත්ද්‍ර‍ව්‍යවලින් තොර රටක් යන සංකල්පය යටතේ යුද හමුදාපතිගේ මඟපෙන්වීම මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධික්ෂණයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් ‘මත්ද්‍ර‍ව්‍ය අනිසි ලෙස භාවිතය සහ නීති විරෝධි ජාවාරම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. ඒ අනුව, දුම්වැටි සඳහා ඇබ්බැහිවීමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජුනි මස 08 සිට 22 දක්වා දින 14 ක් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. එහි දි මත්පැන් සහ මත්ද්‍ර‍්‍ය භාවිතයේ ආදීනව පිළිබඳව විදහාපාන දේශන සහ ක්‍රියාකාරකම් කිහිපයක් ද පවත්වන ලදි. ඒ සඳහා නිලධාරීන් ද ඇතුලුව යුද හමුදා සාමාජිකයින් 1300 ක් පමණ පිරිසක් සහභාගි වූහ. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ පූර්ණ මඟපෙන්විම යටතේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් එම්.ටී.කේ.ආර්. සිල්වා විසින් මෙම වැඩසටහන මෙහෙයවිය.Authentic Nike Sneakers | adidas poccnr jumper dress pants size