Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
02nd July 2016 16:56:35 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට වයස අවුරුදු 07 යි
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සිය 7 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් එම මුලස්ථාන පරිශ්‍රයේ දී ජුනි මස 24 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායන පිංකමක් සහ මහා සඟරුවන වෙනුවෙන් දානමය පිංකමක් ද පැවැත්විය. බිහිසුණු යුද්ධය සාර්ථකව නිමා කරමින් අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2009 ජුනි මස 29 වන දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය පිහිටුවන ලදි. මෙහි තවත් විශේෂාංගයක් ලෙස නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙකු විසින් කිලිනොච්චි දිසා රෝහලේ වෙත ලේ දන්දීම ද සිදුකලහ. මෙයට සමගාමිව, යුද හමුදාවට සෙත් පතා හින්දු ආගමික වතාවත් ශ්‍රී කනකම්බිගෛ කෝවිලේ දී ත්, ඉස්ලාම් ආගමික වතාවත් කිලිනොච්චි ජුම්මා පල්ලියේ දී ත් සහ කතෝලික ආගමික වතාවත් සාන්ත තේරේසා රෝමානු කතෝලික පල්ලීයේ දී ත් සිදු කෙරිණි. ජුනි මස 24 සිට 29 දක්වා ක්‍රියාත්මක වූ මෙම සංවත්සර වැඩසටහනේ සියලු කටයුතු සිදුවූයේ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේය. තවද, නායයාමෙන් විපතට පත් අරණායක ප්‍රදේශයේ භට පිරිස් වෙත මූල්‍යාධාර පිරිනැමිම ද කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් සිදු කෙරිනි. සංවත්සර වැඩසටහන වෙනුවෙන් එම මූලස්ථාන පරිශ්‍රයේ තවත් රුක් රෝපන වැඩසටහනක් ද පැවැත්විය. සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද මෙම සංවත්සර සැමරීමේ වැඩසටහන් මලාවට ඇතුලත් කර තිබු අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් ජුනි මස 30 වන දින සංගීත සැඳැවක් ද පවත්වන ලදි. කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම සංවත්සර වැඩසටහන සඳහා එක්ව සිටියහ.
trace affiliate link
|
Autres