Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 19:57:44 Hours

වන්නි සරඹ තරඟාවලිය දෙවන වරටත්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක සරඹ තරඟාවලිය දෙවන වරටත් ජුනි මස 28 වන දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වුණි. එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයන්හි රාජකාරී නියුතු යුද හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ පුද්ගලික සරඹ, පෞර්ෂත්වය, ඉවසීම සහ විනය වැඩි දියුණු කිරීමේ අදිටනින් මෙම සරඹ තරඟාවලිය සංවිධානය කරන ලදී. වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ කොඩිප්පිලි සහ එම සේනාංකයේ භට පිරිස් මෙන්ම රණසේවාපුර 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම අන්තර් සේනාංක සරඹ තරඟාවලිය - 2016 හි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම අවස්ථාව සඳහා එක් විය. මෙවර සරඹ තරඟාවලියේදී ඉතා තියුණු තරඟයකින් පසු දක්ෂතම සරඹ කණ්ඩායම ලෙස 62 වන සේනාංකයෙහි 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ශූරතාවය ද 21 වන සේනාංකයෙහි 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම අනු ශූරතාවය ද දක්ෂතම ඛණ්ඩ භාර නිළධාරී ලෙස 25 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් ආර්.එම්.ටී.එස්.බී රාජකරුණා ද ප්‍ර‍ධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන දිනා ගනු ලැබීය. latest Running | Nike for Men