Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 19:46:34 Hours

කිළිනොච්චි සෙබලුන් හට නව ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් හට දීර්ඝ කාලයක සිට අඩු පාඩුවක්ව පැවති ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් 11 වන ඉංජිනේරු සේවා සෙබලුන්ගේ සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන්ගේ සහයෝගයෙන් තිරුමුරුක්කන්ඩි ප්‍රදේශයේ ඉදි කරනු ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් රුපියල් මිලියන 1.4 ක පිරිවැයක් යොදමින් ඉදි කරන ලද මෙම ජල පිරිපහදු ව්‍යාපෘතිය කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් බදාදා (29) දින විවෘත කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා කිළිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී සමගින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන 7 වන සංවත්සරයට සමඟාමීව ඉදි කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් එක් දිනකට පානීය ජල ලීටර් 10,000 ක ප්‍රමාණයක් භට පිරිස්වල ප්‍රයෝජනය සඳහා පිරිසිදු කර ගත හැකිය.Running sports | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival