Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 19:43:26 Hours

බස්නාහිර පළාත් ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා භට පිරිස් හි සහාය

යුද හමුදා මූලස්ථානයේ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව බස්නාහිර පළාතේ මදුරු ග්‍ර‍හනය බහුලව පවතින ස්ථාන කෙන්ද්‍ර‍ කර ගනිමින් ජුනි මස 30 සිට ජුලි මස 02 දක්වා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. බස්නාහිර පළාතේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 14 සහ 58 යන සේනාංකහි භට පිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව කැළණිය, දොම්පේ සහ අත්තනගල්ල ප්‍රදේශවල මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 14 වන සේනාංකයේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 89 දෙනෙකු ඇතුලු යුද හමුදා සාමාජිකයින් 90 දෙනෙකු සහභාගි වූ අතර, වාද්දුව සහ පානදුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා 58 වන සේනාංකයේ සෙසු නිලයින් 10 ක් ද සහභාගි විය.latest Running Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases