Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 14:31:27 Hours

‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යටතේ යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යන වැඩසටහන යටතේ යුද හමුදාපතිතුමාගේ අදහසකට අනුව යුද හමුදා සාමාජිකයින්ගේ යහපත් සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩමුළුවක් යුද හමුදා අණ දෙන නිලධාරීන් සහ දෙවන අණ දෙන නිලධාරීන් සඳහා බදාදා (29) දින පවත්වනු ලැබීය. ආහාර රටාවන් සහ සෞඛ්‍යයට අහිතකර බලපෑම පිළිබඳව යුද හමුදාව දැනුවත් කිරීමේ එම වැඩමුළුව යුද හමුදා රෝහල් ශ්‍ර‍වනාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවෙහි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම අවදාරණය කරමින් යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහ, සර්වාංග විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, බ්‍රිගේඩියර් එච්.ටී වික්‍ර‍මසේකර සහ කර්නල් අර්.එම්.එම් මොනරාගල විසින් දේශණ පවත්වන ලදී. එමෙන්ම වැඩමුළුවෙහි ආරාධිත දේශණ මධ්‍යසාර සහ අන්තරායකාරක ඖෂධ තොරතුරු මධ්‍යස්ථානයෙහි පුබුදු සමරසේකර මහතා, සහ පොලිස් අධිකාරී එන්.එස් හෙට්ටිගේ (පෝෂණ) විසින් පවත්වනු ලැබීය. එම වැඩමුළුව සඳහා යුද හමුදා නිලධාරීන් 135 දෙනෙකු සහභාගි වූහ.Best Authentic Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals