Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2016 14:21:01 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක

ඉංජිනේරු සේවා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුණේ සිකුරාදා (17) දින දියතලාව මැණික්කන්ද ප්‍රදේශයේ පිහිටා ඇති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය. එහිදී 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් එම්.එන්.ජේ පෙරේරා විසින් කර්නල් සේනාවිධායක ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉංජිනේරු සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. කර්නල් සේනාවිධායක විසින් 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සංචාරය සිහිගන්වමින් නා පැළයක් රෝපණය කරන ලදී. එමෙන්ම කර්නල් සේනාවිධායක විසින් මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ සුභ මොහොතින් සෙසු නිල භෝජනාගාරය සහ මුළුතැන්ගෙය ඉදි කිරීම සඳහා මුල්ගල තබනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍ර‍යෙන් පසු කර්නල් සේනාවිධායක විසින් සියලු නිලයින් අමතනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.jordan Sneakers | Sneakers Nike