Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2016 14:08:39 Hours

ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමයේ වෙඩි තබන්නන් දකුණු අප්‍රිකාව බලා පිටත්වේ

ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමයේ වෙඩි තබන්නන් සහ තවත් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ කිහිපයක නියෝජිතයින් පිරිසක් ජූලි මස 2 සිට 16 දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ජාත්‍යාන්තර මෙටලික් සිල්හවුටි වෙඩි තැබීමේ සංගමයේ (IMSSU) ලෝක ශූරතාවය - 2016 සඳහා සහභාගිවීමට තේරීපත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් තේරීපත් වූ එම වෙඩිතබන්නන් පිටත්වීමට පෙර ඔවුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍ර‍හයක් ද පිරිනැමූ අතර, සිය සුභ පැතුම් ද එක් කළහ. එම අවස්ථාව සන්ටුහන් කරමින් ඔවුන් සමුහ ජායාරූපයකට ද පෙනී සිටියහ. ඒ සඳහා තෝරාගත් වෙඩිතබන්නන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ. බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි. වැලිකල - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ මේජර් සී.එස්. රත්නායක - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් පී.කේ.ජේ.එස්. ගයන්ග - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ බලලත් නිලධාරී I එච්.එන්. වීරසිංහ - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය විශේෂ බලකායේ කෝප්‍ර‍ල් ආර්.පී.ඩබ්. ගුණවර්ධන - ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ අනිල් ගුණවර්ධන මහතා හිල් කන්ට්‍රි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ ඩබ්.එම්.එස්. මැණික්දිවෙල මහතා මැග්නම් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජයේ මාස්ටර් ඉෂාර අබේසූරියbuy shoes | Patike