Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
30th June 2016 12:36:34 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සිය 20 වන සංවත්සරය සමරයි
යාපනය අර්ධද්වීපයේ පෝෂිත බව සහ සුරක්ෂිතභාවය තහවුරුකරනු ලැබූ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිය 20 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් පසුගියදා සමරනු ලැබීය. 1995 වර්ෂයේ උතුරු පලාතේ ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය හිස එසවීමත් සමඟම 1996 වර්ෂයේ කාර්ය සාධක හමුදාවක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම මූලස්ථානය වර්ථමානයේ ආරක්ෂක සේනා මූලස්ථානය බවට පරිවර්ථනය වී ඇත. සංවත්සරයට සමඟාමීව ඉරිදා (19) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පලාලි බෝ මළුවේ පූජ්‍ය මක්කාගොඩ අස්සජී හිමි, පුජ්‍ය තල්ගමුවේ සුදීරනන්ද හිමි සහ පූජ්‍ය හේනෙපොල ධම්මවංශ හිමි විසින් ආගමික වතාවත් සහ විශේෂ ධර්ම දෙශණ පවත්වනු ලැබූ අතර, සංවත්සරයේ වැඩසටහන් ජුනි මස 32 දින දක්වා පවත්වන ලදී. එමෙන්ම යාපනය ආරක්ෂක සේනා බලප්‍රදේශයේ දේශය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිකරමින් ඉදි කරනු ලැබූ පලාලි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සංවත්සරයේ තවත් එක් අංගක් විය. සංවත්සරයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් එම මූලස්ථාන පරිශ්‍රයේදී ජුනි මස 20 දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හට හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් ද පිරිනමනු ලැබීය. අනතුරුව ආඥාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පලාලි යුද හමුදා මූලික රොහලේ සංචාරයක නිරත වූ අතර, එහිදී රොහ්ලේ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් ඔවුන් හට ත්‍යාග පාර්සල් ද බෙදා දෙනු ලැබීය. පසුව ආඥාපතිතුමා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද එක් විය. එමෙන්ම සංවත්සරය නිමිත්තෙන් අච්චුවේලි ශාන්ත මරියා දේවස්ථානයේ විශේෂ පූජාවක්ද, මාවඩිපුරම් ස්කන්ද හින්දු කොවිලේ හින්දු පූජාවක් සහ යාපනය ජුම්මා පල්ලියෙහි විශේෂ යාඥාවක්ද අඟහරුවාදා (21) දින පවත්වනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සියලු සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන් සහභාගි විය. එමෙන්ම යාපනය ආරක්ෂක සේනා මූලසථාන ධජය වෙත ද ආගමික ආශිර්වාද පවත්වනු ලැබීය. සංවත්සර වැඩසටහනේ සිව්වන අදියර ලෙස බදාදා (22) යානපය ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් කයිතඩි දෘෂ්‍ය අබාධිත නිවාසය වෙත විශේෂ දිවා ආහාරයක් ද ලබා දෙන ලදී. අනතුරුව යාපනය නගරයේ පිහිටා ඇති ශ්‍රී නාග විහාරයේ බ්‍රස්පතින්දා (23) දින පැවති බෝධි පූජා වැඩසටහනකින් පසු සංවත්සරයේ වැඩ කටයුතු නිමා විය.
Nike shoes
|
Men’s shoes