Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2016 12:24:31 Hours

612 වන බලසේනාව පොසොන් සමරයි

වැලිඔය පිහිටි 621 බලසේනාවේ සෙබලුන් විසින් සඳුදා (19) දින පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූණි. නව බෝධි ප්‍ර‍කාරය විවෘත කිරීම, පොසොන් බැති ගී ප්‍ර‍සංගය, බත් දන්සල සහ අයිස් ක්‍රිම් දන්සල මෙන්ම පොසොන් කූඩු ප්‍ර‍දර්ශනය ද එම වැඩසටහන්වලට ඇතුලත් විය. 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.එන්.එන්. හේරත්ගේ ආරාධනයෙන් මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. අත්ල කොඩිප්පිලි සහභාගි විය. රජයේ නිලධාරීන් සහ අවට ප්‍රදේශවල සිවිල් වැසියන් අට දහසක් පමණ පිරිසක් මෙම අවස්ථාවන් සඳහා සහභාගි වූහ.Best Authentic Sneakers | Sneaker & Lifestyle News