Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2016 12:16:41 Hours

විජයබා මොටර්ක්‍රොස් විශාල ජනකායක් සමගින් නිමා වේ

විජයබාහු පාබල රෙජිමේන්තු දින දර්ශනයේ ක්‍රීඩා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක දැවැන්ත හා ආකර්ෂණීය ධාවන ඉසව්ව වන විජයබා මොටර්ක්‍රොස් - 2016 ඉරිදා (26) දින වාර්තාගත ජනකායකගේ සහභාගිත්වයෙන් බෝයගනේ ධාවන පථයේ දී නිමා විය. බෝයගනේහි පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සහාය සහ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම තරඟාවලියේ දී හමුදා හා සිවිල් යන අංශ දෙකෙහිදීම නව වාර්තා පිහිටුවීමට සමත් විය. විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ. ගුණවර්ධනගේ ආරාධනයෙන් මෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරීස් විසින් ජයග්‍ර‍හකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමිම ද සිදු කෙරිනි. එම ජයග්‍ර‍හකයින් පිළිබඳ පහතින් දැක්වේ. සිවිල් අංශයේ ප්‍ර‍ථම ස්ථානය ඉෂාන් දිසානායක මහතා හිමිකර ගත් අතර, යුද හමුදා අංශයේ ප්‍ර‍ථම ස්ථානය ලාන්ස් කෝප්‍ර‍ල් ප්‍රේමරත්න විසින් හිමි කර ගන්නා ලදි.Mysneakers | Nike Off-White