Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2016 14:33:13 Hours

යුද හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි

කාන්තා අන්තර් සමාජීය ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ අවසන් තරඟය සෙනසුරාදා (25) දින පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී පැවති අතර එහිදි ලකුණු 61 කින් නාවික හමුදා ‘බී’ කණ්ඩායම පරදා යුද හමුදා කාන්තා ක්‍රිකට් ‘බී’ කණ්ඩායම ජයග්‍ර‍හණය කරන ලදි. පළමුවෙන්ම පන්දුවට පහරදුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 124 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම වෙත රැස්කර ගත හැකි වූයේ පන්දුවාර 38 පන්දු 02 ක දී සියලු දෙනා දැවී ලකුණු 63 ක් පමණි. කාන්තා සෙබල එච්.එස්.එම්.එම්.ජී.ඩි.පී. හිදගොඩ ලකුණු 38 ක් ද, කාන්තා සෙබල ඩි.එම්.ඒ.පී. චන්ද්‍ර‍සිරි විසින් ලකුණු 20 ක් ද රැස් කර ගැනීමට සමත් විය. ඒ අනවු යුද හමුදා කාන්තා ක්‍රිකට් ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. තවද, එදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී යුද හමුදා කාන්තා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායම සහ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම අතර පැවති පළමු වටයේ අවසන් තරඟයේ දී ජයග්‍ර‍හණය කරමින් යුද හමුදා කාන්තා ක්‍රිකට් ‘ඒ’ කණ්ඩායමත් අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. මෙහිදි පළමුවෙන් පන්දුවට පහර දුන් ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 48 පන්දු 01 ක දී ලකුණු 129 ක් රැස් කර ගත් අතර, යුද හමුදා කණ්ඩායම එම ලකුණු ප්‍ර‍මාණය එක කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමට සමත් විය. කාන්තා සෙබල ආර්.එස්.එස්. වැන්ඩර්ට් නොදැවී ලකුණු 64 ක් ද, කාන්තා සෙබල එච්.අයි.එස්. මෙන්ඩිස් නොදැවී ලකුණු 47 ක් ද රැස්කර ගත්හ.Nike shoes | Air Max