Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
28th June 2016 00:50:10 Hours
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර නැගෙනහිර රණවිරුවන් වෙත බෙදාදීමේ උත්සවය හිගුරක්ගොඩ දී
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම උත්සවය සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, නැගෙනහිර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ද සහභාගි වූ අතර, මෙහිදි යුද හමුදා (440), නාවික හමුදා (85), ගුවන් හමුදා (200), පොලිස් සාමාජිකයින් (100) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (75) ක් සඳහා ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත දෙවන අදියර යටතේ පිරිනැමිම සිදුකරන ලදී. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා මඟපෙන්වීම ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා විසින් සිදු කෙරිනි. මෙහිදි 55 කට අධික රාජ්‍ය සහ පුද්ගලික සේවා සපයන්නන් විසින් වට්ටම් සහ ප්‍රමුඛතාවය මත සේවා සැපයීම සිදු කරනු ලැබේ. රණවිරුවන් සිය ජිවිත අවධානම මධ්‍යයේ වුව ද තම මාතෘ භූමිය උදෙසා ඉටු කරන ලද අනුපමය සේවය සිහිගන්වමින් සමාජය තුල පිළිගැනීමක් ඇති කිරීමේ අරමුණින් මෙම ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනමනු ලබයි. එම ව්‍යාපෘතියේ මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත් කරන ලද ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ක්‍රියාකාරි කමිටුවක් මඟිනි. එහිදි 1983 සිට 2009 දක්වා වසර 22 ක සේවා කාලයක් සම්පුර්ණ කරන ලද හමුදා සාමාජිකයින් තුලින් ප්‍රතිලාභීන් තෝරා ගැනිම සිදු කරන ලදි. මෙහිදී ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් බෙදා දීමේ දෙවන අදියරෙහි සමාරම්භක අවස්ථාවට සහභාගි වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පළමුව වරප්‍රසාද කාඩ් පත් ප්‍රථම සහ දෙවන අදියරට අයත් ප්‍රතිලාභීන් අතර බෙදාද දීම ආරම්භ කරන ලදී. මෙහිදි උත්සව අවස්ථාව ඇමතු අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසුවේ තමන්ගේ රජය කිසිවිටෙකත් හමුදාවන් දුර්වලකිරිමට හෝ හමුදා සමාජිකයන් හට මේ අවස්ථාවේ ලැබෙන වරප්‍රසාද කිසිවක් ඉවත් කිරිම සිදුනොකරන බවය. එහිදි එතුමා වැඩිදුරටත් පැවසුවේ ඔවුන්ගේ වෘත්තිමය ඥානය වැඩිදියුණු කිරිම සදහා විදේස් පුහුණු අවස්ථා වැඩි වැඩියෙන් ලබාදෙන බවත්ය. තවද සභාව අමතමින් පවසා සිටියේ සමහර පාර්ශවයන් සිදුකරන චෝදනා වලින් හමුදාවන් අධෛර්යමත් කිරිමට හෝ පහත් කිරිමට තම රජය කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි. එතුමා විසින් උත්සව සභාව අමතමින් තවදුරටත් කියා සිටියේ කොස්ගම - සාලාව ප්‍රදේශයේ සිදුවු පිපිරිම ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුවිය හැකි බවත් සාලාවේ සිදුවු පිපිරිම රටෙහි සිදුවු දරුණුම සිදුවිම නොවන බවත්ය. විදේශ රටවලද මෙවැනි පිපිරිම් සිදුවි ඇති අතර මෙමගින් භඨ පිරිස් අධෛර්යමත් වු බව කිසිවෙකු හට පැවසිය නොහැකි බව වැඩිදුරටත් අවධාරණය කරන ලදි. මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමා ඇතුලු පිරිස හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ආර්.එස්. වික්‍රමරත්ත විසින් පිළිගන්නා ලදි. මෙම උත්සවයේ ආරම්භයේදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තම අදහස් පළ කළ කරනු ලැබීය. මේවන විට දිවයිනපුරා ආසන්න වශයෙන් ‘විරුසර ’වරප්‍රසාද කාඩ්පත් 15,000 ක් පමණ ලබා දී ඇති අතර , මෙමගින් පවුල්වල සාමාජිකයින් 50,000 කට පමණ ප්‍රතිලාභ හිමි වී ඇත. සේවා සාමාජිකයින් සහ ප්‍රතිලාභීන් හට ගෞරවයක් ලබා දෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් ජනවාරි මස 25 වන දින අරලියගහ මන්දිරයේ දී මෙම සුබ සාධන වැඩසටහනේ මූලාරම්භය සනිටුහන් කරන ලදී.
Adidas footwear
|
Nike nike dunk high supreme polka dot background , Gov