Header

Sri Lanka Army

Defender of the Nation

25th June 2016 00:37:07 Hours

මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක්

යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ජුනි මස 14 සිට 17 වන දින දක්වා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂකගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලැබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනෙහි දේශණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය හා මත් පැන් හා මත් ද්‍ර‍ව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහයෝගය දක්වනු ලැබීය. එමෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවති එම දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව අනෙකුත් දේශණ 21 සහ 54 වන සේනාංකයන්හි පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් හැට දෙදෙනෙකු සහ සෙසු නිලයින් 998 දෙනෙකු ඇතුළුව යුද හමුදා සාමාජිකයින් 1060 දෙනෙකු සහභාගි වූහ. affiliate tracking url | nike air speed turf rose gold price per gram