Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
24th June 2016 14:46:19 Hours
යුද හමුදා වෛද්‍යවරුන් ‘උසස් ජීවිත ආධාරක’ පාඨමාලාව හදාරයි
කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා නිවාරන දෙපාර්තමේන්තුව සහ Sri Lanka Anaesthesiologists and Intensivists College එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ එක් දින වැඩමුළුව අඟහරුවාදා (21) දින කොළඹ පිහිටි යුද හමුදා රෝහල් ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබූ අතර, මෙවැනිම වූ වැඩමුළුවක් 2016 ජනවාරි මස 12 වන දින මෙම ස්ථානයේදීම වෙනත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් සඳහා පවත්වනු ලැබීය. ස්වභාවික සහ කෘතිමව ඇතිකරනු ලැබූ ආපදාවන් හා හදිසි අවස්ථාවකදී වෛද්‍යවරුන් යොමු විය යුතු බැවින් මෙම වැඩමුළුව ඉතා වැදගත් වන අතර, මෙමගින් හෘද ස්පන්දනය අක්‍රීය වූ රෝගීන් තාක්ෂණිකව නැවත යථා තත්වයට පත් කර ගැනීම පිළිබඳව දැනුවත් වීම සිදු කරනු ලැබීය. එම පුහුණු කිරීමේ වැඩසටහන යටතේ යුද හමුදාවේ සේවයේ නියුතු සිවිල් සහ යුද හමුදා වෛද්‍යවරුන් අනිවාර්යෙන්ම මේ සඳහා සහභාගි විම වැදගත් බව පැවති වැඩමුළුවේදී අවදාරනය කරන ලදී. වෙනස්වන ලෝක ප්‍රවණතාවලට මුහුණ දෙමින් කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා නිවාරන දෙපාර්තමේන්තුව මගින් සෑම මාස තුනකට වරක් මෙම ‘උසස් ජීවිත ආධාරක’ වැඩමුළුව සංවිධානය කරනු ලබන අතර, එහිදී එම වැඩමුළුව යුරෝපීය පුණර්ජීවන සහ මාර්ගෝපදේශක සභාවේ නියමයන්ට අනුකූලව සිදු කරනු ලබයි. එම සභාවේ ගුණාත්මකභාවය ලොව පුරා පිළිගැනීමට ද පාත්‍ර වී ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත සහ සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ මගපෙන්වීමෙන් මේජර් ඩබ්ලිව්.පී.වයි.ජී පතිරණ විසින් මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කරන ලදී. යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මෙම වැඩමුළුවේ මූලිකත්වය ගෙන කටයුතු කළ අතර, නිර්වින්දන අධ්‍යයන අංශ ප්‍රධානී කර්නල් ධවල පෙරේරා සහ පාඨමාලා අධ්‍යක්ෂක ලුතිතන් කර්නල් චම්පික අබේසිංහ මෙම වැඩමුළුව සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. Sri Lanka Anaesthesiologists and Intensivists College හි ක්‍රියාකාරී කමිටු ප්‍රධානී නිර්වින්දන රෝග විඥේෂඥ වෛද්‍ය මිත්‍රජී ප්‍රේමරත්න මහතා මෙම අවස්ථාව ඵලදායි කරගැනීම සඳහා ප්‍රධාන උපදේශකයෙකු ලෙස සහභාගි විය. මෙහිදී පාඨමාලා අධ්‍යක්ෂකවරයා විසින් යුද හමුදා රෝහලේ සියලුම වෛද්‍යවරුන් සඳහා මෙම වැඩමුළුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද පසුව යුද හමුදවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් හටද මෙම පාඨමාලාව හදුන්වාදීමට බලාපොරොත්තුවන බව සමාරම්භක සැසියේදී වැඩි දුරටත් පැවසීය.
Buy Kicks
|
Nike Releases, Launch Links & Raffles