Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2016 14:41:27 Hours

විහාරාධිපතිහිමිගෙන් යුද හමුදා භට පිරිස් හට පැසසුම්

පසුගියදා පැවති ලේ දන් දීමේ කදවුර සංවිධානය කිරීමේදී යුද හමුදාවෙන් ලැබුණු සහයෝගය අගය කරමින් බණ්ඩාරවෙල ඔබඩඇල්ල ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති පූජ්‍ය අඹේගොඩ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ විසින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න වෙත පැසසුම් ලිපියක් එවා ඇත. අඹේගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේදී සංවිධානය කරනු ලැබූ මෙම ලේ දන් දීමේ වැඩසටහන සඳහා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම මත යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙනු ලැබීය. එම ලේ දන් දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ උපදෙස් අනුව 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 34 දෙනෙකු සහභාගි වූහ. මෙහිදී සුදර්මාරාම විහාරාධිපති විසින් යුද හමුදා භට පිරිස් ලබා දුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් යුද හමුදාපතිතුමා සහ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙත හෘදයාංගම ස්තුතිය පුද කරනු ලැබීය. Running sports | Men's Footwear