Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2016 19:55:34 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 57 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 57 වන විශේෂ පාබල මෙහෙයුම් පුහුණු පාඨමාලාව බදාදා (22) දින ආරම්භ කරනු ලැබීය. එහිදී එම පාඨමාලාවේ වැදගත්කම අවධාරනය කරමින් ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී - I (සම්බන්ධීකරණ) ලුතිතන් කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි විසින් සමාරම්භක දේශණය පවත්වනු ලැබීය. එම පාඨමාලාව සඳහා නිලධාරීන් තිදෙනකු සහ සෙසු නිලයින් තිස් දෙදෙනෙකු සහභාගි වේ. මෙම පාඨමාලාව ජුලි මස 17 දක්වා පැවත්වෙන අතර, එහිදී 1 වන ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් ‘සංඥා පිළිවෙත’ පිළිබඳව දේශනය ද මුලතිව් යුද හමුදා මූලික රෝහල විසින් ‘ප්‍ර‍ථමාධාර’ පිළිබඳව ද, කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ‘පුරෝගාමී ප්‍ර‍හාරක කටයුතු’ පිළිබඳ දේශන සහ ගුවන් හමුදාව වෙතින් ‘ගුවන් හමුදාව පිළිබඳව’ දේශනය ද පැවැතීමට නියමිතය. මේ අතරතුර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදෙස් මත පුහුණු දින ඉදිරිපත් කිරීම ද සිදු කරනු ලැබීය. මෙම ඉදිරිපත් කිරීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී - 1(සම්බන්ධීකරණ) ලුතිතන් කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි ඇතුළු අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් සහභාගිවන ලදී. එමෙන්ම 12 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ලුතිතන් එන්.එස්.සී මෙන්ඩිස් විසින් ‘චෙ ගුවෙරාගේ නායකත්ව ගුණාංග’ පිළිබඳව දේශණය සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරන බලකායේ ලුතිතන් බී.එම්.සී.ජේ බාලසූරිය විසින් ‘යෝග අභ්‍යාස සහ සෞඛ්‍ය යෝග්‍යතාවය’ පිළිබඳව දේශණය පවත්වනු ලැබීය. එම දේශණ සඳහා නිලධාරීන් 33 දෙනෙකු සහභාගි විය.best Running shoes brand | UOMO, SCARPE