Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2016 16:32:58 Hours

බෝයගනේ ‘විජයබාහු සුපර්ක්‍රොස් - 2016’ සඳහා සියල්ල සූදානම්

ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘විජයබාහු සුපර්ක්‍රොස් - 2016’ මෝටර් රථ ධාවන තරඟාවලිය විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී නොකඩවා14 වන වරටත් ජුනි මස 26 වන දින දෙස් විදෙස් මෝටර් රථ ධාවකයින් සිය ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව අඟහරුවාදා (21) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලවේ පැවැති මාධ්‍ය හමුවේදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කවින්ද ගුණවර්ධන විසින් පැවසීය. මෙම අවස්ථාවට ප්‍ර‍ධාන අනුග්‍ර‍හය දක්වන සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික ආයතනය ඇතුළුව අනෙකුත් අනුග්‍රාහයකින්ද සහභාගි වූ අතර, මෙහිදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන පවසා සිටියේ අනුග්‍රාහකභවතුන්ගෙන් ලැබෙන සහයෝගය මත මෙම දැවැන්ත තරඟාවලිය නොකඩවා සෑම වසරකම පවත්වන බවයි. මෙමගින් ලැබෙන ආදායම විජයබාහු පාබල රෙජිමේන්තු සුබසාධන අරමුදලටත්, දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය මෙන්ම රණක්ෂිතයට පත්වූ විරුවන්ගේ සුබසාධනය උදෙසා ද යොදවනු ලබන අතර, විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සඳහා ද යොදවන බව පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය. මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් ධාවන තරගයේ සැලසුම් සහ ධාවන පථයේ තත්වය පැමිණ සිටි පිරිස වෙත විස්තර කරනු ලැබීය. ‘විජයබාහු සුපර්ක්‍රොස් - 2016’ මෝටර් රථ ධාවන තරඟාවලිය සඳහා ප්‍ර‍ධාන අනුග්‍ර‍හය සියැට් කැළණි ජාත්‍යන්තර ටයර් පුද්ගලික ආයතනය විසින් ලබා දෙන අතර, සිංගර් ශ්‍රී ලංකා, බ්‍ර‍වුන්ස් සහ සමාගම සහ එලිෆන්ට් හවුස් ආයතනය විශේෂ අනුග්‍ර‍හය දක්වනු ලැබේ. Sportswear Design | adidas Yeezy Boost 350